කොරෝනා රෝගීන්ගේ සහයට රෝබෝ තාක්ෂණය

මාර් 28, 2020

    රෝබෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින්, කොරෝනා රෝගීන් අසළට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ක්‍රමයක් මෙරටින් නිපදවා තිබේ.

    ඒ මෙරට පෞද්ගලික සමාගමක් මගින්. වෛරසය ව්‍යාප්තිය අවම කරගනිමින් වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂාකර ගැනීම මෙහි අරමුණයි.

    කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් වශයෙන් නම් කර ඇති හෝමාගම මූලික රෝහලේ අද මෙය ස්ථාපනය කෙරිණ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද එහි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. මෙම තාක්ෂණය මගින් බෙහෙත් වර්ග හා අනෙකුත් ද්‍රව්‍ය රෝගියාගේ ඇඳ දක්වා ගමන් කර එම ද්‍රව්‍ය රෝගියා වෙත ලබාදීම සිදු කෙරේ.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 13:01

    Latest News