ආපදාවලට ප්‍රතිචාර දක්වමින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඔවුන් පුහුණු කිරීම අරමුණයි.
එහි මූලික පියවරක් වශයෙන් ඔවුන් නිපදවූ රොබෝ සැකිල්ල iCub ලෙස නම් කර තිබෙනවා. ගුවන් ගතවීම සඳහා එහි නවීකරණය කළ රොබෝ යන්ත්‍රය iRonCub3 ලෙස නම් කර තිබෙනවා.
රොබෝගේ කොඳු ඇට පෙළ පෙදෙස ටයිටේනියම් වලින් නිමවා තිබෙනවා. මේ සඳහා MI (Mechanical intelligence-යාන්ත්‍රික බුද්ධිය) හා AI (Artificial Interligence-කෘතීම බුද්ධිය) යොදා ගෙන තිබෙනවා. රොබෝට ගුවනේ සැරි සැරීම සඳහා ඔහුව කිලෝ ග්‍රෑම් 70 ක පමණ බරකින් යුත් ජෙට් එන්ජින් 4 කින් බලගන්වා ඇති අතර, ඒවායින් දෙකක් අත් උරහිස් වල සවි කර අනෙක් දෙක රොබෝවරයාගේ පිටුපසට සවි කර ඇත.
එන්ජින් වල ටර්බයින වලින් නිව්ටන් 1000 කට වඩා වැඩි තෙරපුම් බලයක් උත්පාදනය කරන අතර එමගින් පිටවන උෂ්ණත්වය සෙල්සියස් අංශක 600 ඉක්මවනවා. ටර්බයින වලින් පිට වන වායූ සෙල්සියස් අංශක 800 කට පමණ ළඟා වීමේදී ශබ්දයේ වේගයත් සමඟ තාප ගති විද්‍යාව මගින් ගුවනේ ඉතිරි කාර්යභාරය ඉටු කරයි.
රොබෝව සෙන්ටිමීටර 125 ක උසකින් යුක්තය. එහි දෑත් සහ දෑස් අංශක 54ක් දක්වා හැසිරවිය හැක. කෘතිම සමක් ලෙස ක්‍රියා කරන ස්පර්ශ සංවේදක, කැමරා දෙකක්, කන් දෙක සඳහා මයික්රෆෝනයක් සහ මුහුණු ආවරණය පිටුපස ස්පීකරයක්ද ඇත.
රොබෝවරයාගේ ආකල්ප සහ පිහිටීම කළමනාකරණය කිරීම සඳහා පියාසැරි පාලනය කිරීම ඇල්ගොරිදම් (Algorythm) ඇසුරින් සිදු වන බව පර්යේෂකයන් පවසනවා.
ඒ අනුව ගුවන් මානවරූපී රොබෝ තාක්ෂණය (Aerial Humanoid Robotics) සංවර්ධනය කිරීම සඳහා මිනිසා විසින් ගුවනේ යාන්ත්‍රික වස්තු හැසිරවීමත් බලශක්ති කාර්යක්ෂමතාවයත් සමග පොරබදන අයුරු ඉදිරියේදී අපට දැක ගත හැකි වනු ඇති.
ගං වතුරට හසුව නිවසක වහලයක් මත සිටින විපතට පත් ජීවිතයක් බේරා ගැනීම, ත්‍රස්තවාදී ප්‍රහාරයක්, ගොඩනැගිල්ලක් ගිනි ගැනීමක් වැනි අවස්ථාවක් ඔබ සිහියට නගා ගන්න. පර්යේෂකයන්ගේ උත්සාහය වී ඇත්තේ එවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට මෙම රොබෝව සූදානම් කිරීමටයි.
නමුත් මේ සඳහා ඩ්‍රෝන් තාක්ෂණය භාවිත කළ හැකි බව ඇතැමුන්ගේ මතය වී තිබෙනවා.