ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට...අගමැති

මාර් 21, 2020
    ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ  හිඟයකින් තොරව වෙළෙඳපොළ වෙත මුදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත  දුරකථනය  ඔස්සේ උපදෙස් ලබාදී තිබේ.
    ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු⁣කෙරෙමින් පවතින අතර  සතොස සතු ප්‍රධාන ගබඩා සංකීර්ණවල අද දිනයේදී ද හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට අවශ්‍ය කටයුතු හා ඇසුරුම් කටයුතු  සිදුකරනු ලැබීය. 
     
    මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ද හිඟයකින් ⁣තොරව ගෑස් වෙළෙඳපොළට යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටී. ලිට්‍රෝ ගෑස් සමාගම සතුව පාරිභෝගික අවශ්‍යතාවට අවශ්‍ය ප්‍රමාණයට ගෑස් සංචිත  තිබෙන බවත් දිවයිනපුරා බෙදාහැරීමේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර මේවනවිටත් ගෙන ඇති බවත් සමාගමේ සභපති අනිල් කොස්වත්ත මහතා ප්‍රකාශ කළේය.
    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 13:56

    Latest News