තවත් නිරෝධායන මධ්‍යස්ථාන 03 ක්

මාර් 21, 2020

    වන්නි ප්‍රදේශයේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන 3 ක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

    පලෙයි, ඉරණමඩු හා මුලතිව් ප්‍රදේශවල ඒවා ඉදිකෙරේ.

    ගුවන් හමුදාවේ වෛද්‍ය වෘත්තිකයින් විසින් මෙම මධ්‍යස්ථාන කළමනාකරණය කරන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ සහාය ද ඊට ලබා ගැනේ.

    කොරෝනා වයිරසය මෙරට පැතිරීම වැළැක්වීම සඳහා රජය ගන්නා ක්‍රියා මාර්ග වලට සහාය වීම මෙම මධ්‍යස්ථාන ඉදිකිරීමේ අරමුණ බව ගුවන් හමුදාව පවසයි.

    ගුවන් හමුදාව විසින් වන්නි ප්‍රදේශයේ ඉදිකළ පළමු නිරෝධායන මධ්‍යස්ථානයේ මේ වනවිට විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් 206 දෙනෙක් නිරෝධායනයට ලක් කෙරෙති.

    Latest News