ඇඳිරි නීතිය හා දඹුල්ලේ එළවළු ‌වෙළදාම

මාර් 21, 2020

    දිවයින පුරා ඇදිරි නීතිය බල පැවැත්වෙන අවස්ථාවේදී දඹුල්ල බුලාගල ප්‍රදේශයේ එක් රැස්ව සිටි දහදෙනෙකු සැකපිට අද (21) දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

    දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව එළවළු බෙදා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි .එදිරිසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදවා තිබිණි.

    කණ්ඩායම් විසින් එක්රැස්ව සිටි පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කෙරේ.

    Latest News