අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

මාර් 20, 2020
  • ජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ රජය විසින් අඩු කර ‍නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

    අද(20) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    අගමැතිවරයා පවසා සිටියේ මුළු ලෝකයම කොරෝනා ‍වසංගතයට මුහුණ දී ඇති මොහොතක් බවයි.

    වසංගතය පැතිරිමට ගත් මොහොතේ සිට දැඩි අවධානයකින් වත්මන් රජය කටයුතු කළ බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

    කෙසේ නමුත් කිහිපදෙනෙකුගේ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් හේතුවෙන් මුළු රටටම ඇඳිරිනීතිය පැනවීමට සිදුවූ බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

    එසේම මෙරට රෝගීන් ගැන මෙන්ම රෝගයේ ස්වභාවය පිළිබඳව රජය කිසි විටෙකත් ජනතාවගෙන් සැගවීමට උත්සාහ නොකරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 01:33

    Latest News