කොරෝන ලක්ෂණ පෙන්වන්නේ නම් ඒ සඳහා නම් කළ රෝහල් 18 වෙත පමණක් යන්න (වීඩියෝ)

මාර් 17, 2020
  • යම් පුද්ගලයෙකු කොරෝනා වෛරසයේ ලක්‍ෂණ පෙන්වන්නේ නම්, රජය නම් කළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පමණක් යොමුවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව අවධාරණය කළේය. කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් 18ක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

    IDH උණ රෝහල, කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, රාගම ශික්‍ෂණ රෝහල, මීගමුව දිස්ත්‍රික් රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් රෝහල, යාපනය දිස්ත්‍රික් රෝහල, මඩකලපුව දිස්ත්‍රික් රෝහල, අනුරාධපුර දිස්ත්‍රික් රෝහල, කුරුණෑගල දිස්ත්‍රික් රෝහල, බදුල්ල දිස්ත්‍රික් රෝහල, රත්නපුර රෝහල සහ පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල එම ප්‍රතිකාර මධ්‍යස්ථානයි.

    වෛද්‍ය හරිත අලුත්ගේ මහතා....

    “රෝග ලක්‍ෂණ මතුවුණොත් කරුණාකරලා තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන්න යන්න එපා. ගමේ තියෙන පොඩි ඩිස්පැන්සරියට යන්න එපා. මධ්‍යම බෙහෙත් ශාලාවට යන්න එපා. ඊට පහළින් තියෙන ආයතනවලට යන්න එපා. එතන ඉන්න අනෙක් අය අවදානමට ලක් කරන්න එපා.

    පෞද්ගලික රෝහල්වලට මේ මොහොතේ යනඑක පුලුවන් තරම් සීමා කළ යුතුයි මේ සැක කටයුතු පිරිස්. ඒ අය විශ්වාස තබන්න රජයේ රෝහල්, විශේෂයෙන් මේ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන“ යැයි වෛද්‍ය හරිත ලොකුගේ මහතා පැවසීය.

    රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

    වෛද්‍ය දිනේෂ් විද්‍යාරත්න මහතා....

    අපි මොනවා හරි දෙයක් මේ වෙලාවේ හොඳයි කිව්වොත් හෙට ඉඳන් මොකද වෙන්නේ මාෆියාවක් වෙනවා. පෙරුම්කායම් හොඳයි කිව්වා, රුපියල් 10, 40ට ගියා. රු. 40, රු. 200ට ගියා. ව්‍යාජ පෙරුම්කායම් වෙළෙඳ පොළේ ඕන තරම්. අපේ මිනිස්සු පෙරුම්කායම් රු. 200 දීලා ගන්නවා. ඒක පව්“ යැයි වෛද්‍ය දිනේෂ් විද්‍යාරත්න මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 20:06

    Latest News