ඩොලරයක වැඩිම රුපියල් අගය අද සටහන් විය

මාර් 17, 2020

    මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය අද දින වාර්තා විය.

    ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 182.57 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 186.66 ක් ලෙසින් සටහන් විය.

    ඩොලරයක ගැණුම් මිල රු. 182 සීමාව සහ විකුණුම් මිල රු. 186 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

    Latest News