තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම කල් යයි (වීඩියෝ)

මාර් 17, 2020
  • පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය පසුව දැනුම් දෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබු බවයි.

    කෙසේ වුවත් රජය විසින් 17,18 සහ 19 විශේෂ නිවාඩු දින බවට ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් ඉදිරි දිනවල දී ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් අද දිනයේදී ලැබුණු අයදුම්පත් ලෙස සලකා කටයුතු කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 20:02

    Latest News