පුත්තලම මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයක්

මාර් 17, 2020

    පුත්තලම මුලික රෝහල තුළ කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කෙරේ.

    රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කය තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පුත්තලම මුලික රෝහල තුළ කොරෝනා බවට යම් ලෙසකින් තහවුරු වුවහොත් ඔවුන් මෙම ඒකකට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ඇති බවයි.

    එසේම රෝහල් අධ්‍යක්ෂවරයා පවසා සිටියේ මෙම ඒකකය සදහා විශේෂිත කාර්ය මණ්ඩලයක් මේ වනවිට පුහුණු කර ඇති බවත් අදාළ ඒකකය තුළ කටයුතු කිරිමට පහසුකම් හැකි අයුරින් සළසා දී ඇති බවයි.

    පුත්තලම මුලික රෝහලට පැමිණෙන සැක සහිත රෝගින් සෙසු රෝගින්ට වෙත යාමට නොදී බාහිර රෝගි අංශයේ සිටම වෙන් කර ආරක්ෂිත ලෙස අදාළ ඒකකයට යොමු කිරිමට කටයුතු කෙරේ.

    Latest News