මාදු ගඟේ සංචාරක බෝට්ටු අත්හිටුවයි

මාර් 17, 2020

    කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම සැලකිල්ලට ගෙන බලපිටිය, මාදු ගඟේ සංචාරක බෝට්ටු ගමනාගමනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

    ඒ සති දෙකක කාලයක් සඳහායි. පවතින තත්වය සැලකිල්ලට ගනිමින් සංචාරක බෝට්ටු ගමනාගමනය අත්හිටු වූ බව, බලපිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චන්දන මහතා පවසයි. සියලු සංචාරක බෝට්ටු විෂබීජානුහරණය කිරීමට නියමිතයි.

    කළුතර කැලිඩෝ වෙරළ තීරයේ දිය නාමින් සිටි පිරිස් ඉන් ඉවත් කිරීමට කළුතර උතුර පොලීසිය පියවර ගෙන තිබේ. ජනතාවට ඒකරාශී නොවන ලෙස උපදෙස් දී තිබියදීත්, මෙලෙස එක් රැස් වීමෙන් නීත්‍යානුකූලව පියවර ගත හැකි බවයි, පොලීසිය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 11:15

    Latest News