තැපැල් ඡන්ද අයැඳුම්පත් ගැන කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මාර් 17, 2020

    "කොවිඩ් 19" වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනූව තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරන ලබන බව මැතිවරණ කොමිසම පවසයි.

    2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ දිනය අද (17) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් බව ප්‍රකාශයට පත්කර තිබිණ. නමුත් 17,18,19 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබීම නිසා ඉදිරි දිනවල දී ලැබෙන තැපැල් ඡන්ද අයඳුම්පත් අද දිනයේ ලැබුණු අයඳුම්පත් ලෙස සලකා කටයුතු කිරීමට අපේක්ෂිත බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

    Postal vote 900px 20 03 17

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 12:05

    Latest News