CoVID-19‌' පිළිබඳ රාජ්‍ය ආයතන දැනුවත්‌ කිරීමේ වැඩසටහනක්‌

මාර් 13, 2020

    කොරෝනා හෙවත්‌ "CoVID-19‌' වෛරසය පිළිබඳ රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩලය දැනුවත්‌ කිරීමේ වැඩසටහනක්‌ ආරම්භකර තිබේ.

    වැඩසටහනේ අරමුණ වෛරසය ව්‍යාප්තිය ජාතික උවදුරක්‌ බවට, වර්ධනය වීම චළක්වා ගැනීමයි.

    එහි පළමු වැඩසටහන ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්විණ. රෝගය හඳුනාගැනීම, ඉන්‌ වැළකීම මෙන්ම ආරක්‍ෂාකාරීව ක්‍රියාකිරීම පිළිබඳව, වෛද්‍ය දේශාන්ත දිසානායක මහතා කාර්යමණ්ඩලය දැනුවත්‌ කළේය. මේ පූර්වාදර්ශය අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෑම ආයතනයකම වැඩසටහන්‌ අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත. ආයනන කාර්යමණ්ඩල තමන්‌ ලබාගන්නා දැණුම, සිය පවුල්වල සාමාජිකයින්ට සහ සමාජයට ද, බෙදා දෙනු ඇතැයි, අපේක්ෂා කෙරේ. ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල්‌ කේ. බී. එගොඩවෙලේ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්‌ රැසක්‌ මේ අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන්‌ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්‌ මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්‌ දැනුම්‌ දීමට විශේෂ දුරකතන අංකයක්‌ ඊයේ හදුන්වා දෙනු ලැබිණි. ඒ සුළු හා මධ්‍ය පර්මාණ කර්මාන්ත අමාත්‍යාංශය විසිනි. 011- 31 44 416 එහි අංකයයි.

    Latest News