පළමු පාසල් වාර නිවාඩුව හෙට (13) සිට අප්‍රේල් 20 දක්වා

මාර් 12, 2020

    පළමු පාසල් වාර නිවාඩුව හෙට (13) සිට අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    සමාජයේ පවතින අනියත බිය සහ ආගමික නායකයින් ඇතුළු විවිධ පාර්ශව කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මේ තීරණය ගත් බව, අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.

    මේ අතර පවතින තත්වය හමුවේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය උප කුලපතිවරුන්ට පැවරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    බෞද්ධ දහම් පාසල් හෙට සිට නොපවත්වන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. අප්‍රේල් 26 වැනිදා දහම් පාසල් නැවත ආරම්භ කරන ලෙස, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    Latest News