සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්

මාර් 11, 2020

    හැටන් සිංගිමලේ රක්ෂිතයේ හට ගත් ගින්නෙන් අක්කර 3කට පමණ ප්‍රදේශයක් විනාශ වී ඇතැයි, වාර්තා වෙයි.

    ඊයේ පස්වරුවේ හට ගත් ගින්න පාලනය කළ බවයි, අඩවි වන කාර්යාලය පවසන්නේ. සිංගිමලේ දුම්රිය උමං මාර්ගයට ඉහළින් පිහිටි හැටන් වත්ත ප්‍රදේශයේ හට ගත් ගින්න රක්ෂිතයේ කඳු මුදුන දක්වා පැතිර ගිය බවයි, වාර්තා වන්නේ.

    අඩවි වන නිලධාරීන්, හැටන් පොලිසිය හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න පාලනය කර තිබේ. කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි, සැක කෙරෙන්නේ. මීට ප්‍රථම, අවස්ථා තුනක දී ගිනි තැබීම් සිදුකර තිබිණ. මේ නිසා සිංගිමලේ ජලාශයේ ජල ධාරිතාව පහළ යාමට ද හේතුවී ඇති බවයි, වාර්තා වන්නේ. ප්‍රදේශයේ ජලය බෙදාහැරීම සීමා කර තිබේ.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 12:26

    Latest News