අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය දඹුල්ලේ දෙදරු පියා

මාර් 11, 2020

    දඹුල්ල, දිගම්පතහ ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙක් මිය ගොස් වසර දෙකක් වයසැති ඔහුගේ දියණියක බරපතළ තුවාල ලබා තිබේ.

    හත් හැවිරිදි පුතා අනූනවයෙන් ජීවිතය බේරා ගෙන තිබේ.මියගොස් ඇත්තේ දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ පදිංචි රංග මනෝජ් (34) හැවිරිදි දෙදරු පියෙකි.බරපතල තුවාල ලබා ඇත්තේ ඔහුගේ වයස අවුරුදු දෙකක් වූ නිසලි දෙහන්සා දියණියයි.වන අලි පහරදීමෙන් නිවසකට ගොස් සිය ජීවිතය බේරාගෙන ඇති කලන ප්‍රකාශ් නමැති හත් හැවිරිදි පුතෙකි.
    රියදුරකු ලෙස සේවය කරන මනෝජ් පස්වරුවේ නිවසට පැමිණ දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිට නිවසේ සිට දියණිය වඩාගෙන හත් හැවිරිදි පුතා ද අතින් අල්ලා ගෙන නිවෙස ආසන්නයේම වෙළඳසැලකට ගොස් රාත්‍රී ආහාර පිසීමට අවැසි කුළු බඩු රැගෙන එමින් සිටිය දී එක වරම ප්‍රධාන මාර්ගය හරහා වන අලියකු පන්නාගෙන පැමිණ තිබේ.

    පසුව දරුවන් දෙදෙනාද ඇදගෙන මිය ගිය රංග මනෝජ් ආසන්නයේ පිහිටි නිවසකට ගොඩවීමට උත්සාහ කරනවා සමග මිදුලේදීම වන අලියා ඔහුට පහර දී දියණියට ද පහර දී තිබේ. අනතුරුව පුතා පිටුපස අලියා එලවාගෙන පැමිණි විට දී ඔහුනිවස ඇතුළට දිව ගොස් තිබේ.

    පසුව වන අලියා කෑ කෝ ගසා පන්නා දැමූ බව නිවෙස් හිමියන් පවසන්නේ.

    අනතුරුව ඔවුන් දඹුල්ල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ. එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ පියා මියගොස් තිබුණු බවත්. හිසට බරපතළ හානි සිදුව ඇති දියණිය නුවර මහ රෝහලට මාරු කර යැවුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා තිබේ.

    නිරන්තරයෙන්ම වන අලින්ගෙන් සිදුවන හානි පිළිබඳව වනජීවී නිලධාරීන්ට මෙන්ම ජනමාධ්‍ය හරහා ද කොතෙකුත් ප්‍රකාශ කළ ද කිසිදු අවධානයක් මේ පිළිබඳව යොමු නොකළ බවයි ගම්වාසීන් පවසන්නේ.

    මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු දඹුල්ල රෝහලේ දී අද සිදුකිරීමට නියමිතයි.

    සීගිරිය පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

     aliaya 07

    aliya 05

    Last modified on බදාදා, 11 මාර්තු 2020 11:46

    Latest News