මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදයි

මාර් 09, 2020

    මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (09) යෙදී තිබේ.

    බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක දී සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. සිදුහත්‌ බෝසතාණන්‌ වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන්‌ පසු සුද්ධෝදන පියරජතුමාගේ රාජධානිය වූ කපිල වස්තු පුරයට පළමුවරට වැඩම කළේ අද වැනි දිනක බව එහි සඳහන් වේ. විසි දහසක්‌ භික්ෂුණ් වහන්සේ සමග වැඩම කළ බුදුරජාණන්‌ වහන්සේගෙන්‌ බණ අසා සුද්ධෝදන මහරජතුමා මාර්ග ඵල ලැබූ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

    රාහුල සහ නන්ද යන කුමාරවරුන්‌ පැවිදි දිවියට පිවිසීම බුදුරජාණන්‌ වහන්සේ යසෝධරා දේවියගේ ගුණ දක්චමින්‌ සඳකිඳුරු ජාතකය දේශනා කිරීම ද මැදින්‌ පොහෝ දින සම්බන්ධ තවත්‌ සිදුවීම්‌ කිහිපයකි. ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ ඉහලීම සඳහා බුදුරජාණන්‌ වහන්සේ යමා මහ පෙළහැර පෑවේද මැදින්‌ පුර පසළෝස්වක පෝය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන්‌ වේ.

    Latest News