මැදින් පුර පසළොස්වක පොහොය අද

මාර් 17, 2022

    මැදින් පුර පොහොය දිනය යෙදෙන අද දිනයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ.

    සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සුද්ධෝදන පියරජතුමාගේ රාජධානිය වූ කපිලවස්තු පුරයට පළමුවරට වැඩම කළේ අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

    විසි දහසක් භික්ෂූන් වහන්සේ සමඟ වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සුද්ධෝදන මහ රජතුමා මාර්ග ඵල ලැබුවේ ද අද වැනි දිනකයි. රාහුල සහ නන්ද යන කුමාරවරුන් පැවිදි දිවියට පිවිසීම බුදුරජානන් වහන්සේ යසෝදරා දේවියගේ ගුණ දක්වමින් සඳකිඳුරු ජාතකය දේශනා කිරීම ද මැදින් පොහෝ දින සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයක් වේ. ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ හෙළීම සඳහා බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පෑවේද මැදින් පුර පසළොස්වක පෝය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

    අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප‍්‍රතිපත්ති පූජා පවැත්වෙයි.

    Latest News