තල්දෙන රිය අනතුරකින් 19ක් රෝහලේ

මාර් 09, 2020

    බදුල්ල, තල්දෙන 9 කණුව ප්‍රදේශයේදී බවුසරයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 19දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි බදුල්ල පොලිසිය කියයි.

    තුවාල ලබා ඇත්තේ, බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් බව පොලිසිය සඳහන් කරයි.

    තුවාල ලැබූ පිරිස අතර පුරුෂයන් 4දෙනෙක්, කාන්තාවන් 14දෙනෙක් සහ කුඩා දරුවෙක්ද ‍වෙති.

    මාර්ගයේ නවතා තිබූ බවුසරයේ බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

     

    Latest News