සත්ත්ව සුබසාධනය සඳහා නව පනතක් සකස් කරන ලෙස අගමැතිගෙන් උපදෙස්

මාර් 07, 2020

    සත්ත්ව සුබසාධනය සඳහා නව පනතක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

    අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබුවේ සත්ත්ව හිංසනය වැළකීම සහ සත්ව සුබසාධනය වෙනුවෙන් සත්ත්ව සුබසාධන සංගම් සමඟ ඊයේ පැවති සාකච්ජාවකදී. සත්ව හිංසනය වැළැක්වීම සහ දැනට පවතින නීතිමය පනත් පිළිබඳව සාකච්ජා කෙරුණා. සත්ත්ව අවිහිංසාව වෙනුවෙන් පවතින නීති රීති සංශෝධනය කරමින් උපදේශක මණ්ඩලයක් පත්කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වුණා. සත්ත්ව හිංසනය වැළැක්වීම සඳහා නීති රීති තිබුණ ද ඒවා ක්‍රියාත්මක නොනවන බවයි, සත්ත්වවේදී සංගම් මෙහිදී පෙන්වා දුන්නේ. රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියා.

    Latest News