වියළි කාලගුණය 298,132 ක් පීඩාවට පත් කරයි

මාර් 07, 2020

    දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති වියළි කාලගුණයෙන් පුද්ගලයෝ 298,132 ක් පීඩාවට පත්ව සිටිති.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වුණේ, ඒ අතර පවුල් 74,796 ක් වන බවයි.

    කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස වියළි කාලගුණයෙන් පීඩා එල්ලවී තිබේ.

    ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයටයි.

    වියළි කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 51,175 ක පුද්ගලයින් 215,525 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

     

    Latest News