උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන 11 - රාජ්‍ය පරිපාලන වෙබ් අඩවියට

මාර් 07, 2020

    රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වනවිට තැපැල් මගින් යොමුකර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ඒ අනුව සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කෙරෙනු ඇති.

    ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

    එහි සඳහන් වන්නේ, පත්වීම ලැබී දින 3 ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයැයි, පත්වීම් ලිපියේ සඳහන් වුව ද දැනට පත්වීම් ලිපි නොලැබූ පිරිස් ඒ ගැන සැකයක් ඇතිකරගත යුතු නැති බවයි.

    පත්වීම් සඳහා සුදුසුකම් ලැබූ පිරිස 45,585 කි.

    Last modified on සෙනසුරාදා, 07 මාර්තු 2020 13:07

    Latest News