කප්පම් ගැනීමට තැත්කළ 4කට යක්කල දී මාංචු

මාර් 06, 2020

    යක්කල ප්‍රදේශයේ කාන්තාවකගෙන් කප්පම් මුදලක් ලබාගැනීමට උත්සහ කළ සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පවසන්නේ, එම පිරිස අතර කාන්තාවක ද සිටින බවයි. සැකකරුවන් පිටුවල්ගොඩ,යක්කල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට දුරකථනයෙන් අමතා ඇයට පාතාල සාමාජිකයින්ගෙන් මරණ තර්ජන ඇති බවත් ඉන් බේරාගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය බවටත් දැනුම් දී තිබේ.

    පොලීසිය පවසන්නේ, සැකකරුවන් අදාළ කාන්තාවට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට අඟවා ඇති බවයි. දුරකතන ඇමතුම ලැබූ කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනූවයි. ඔවුන් අවුරුදු 37,40 හා 43 වයස්වල පසුවන බන්ගොඩ,අත්තනගල්ල,ගම්පහ සහ චතුරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

    Last modified on සිකුරාදා, 06 මාර්තු 2020 11:49

    Latest News