ගුවන් හමුදා ධජවලට ආශිර්වාද ගැන්වේ

මාර් 06, 2020

    ශ්‍රී ලංකා ගුවන් හමුදා ධඡවලට ආශිර්වාද ගැන්වීමේ වැඩසටහනක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියසදී අද උදේ පැවැත්විණ. එය සිදු කෙරුණේ, ගුවන් හමුදාවේ 69 වැනි සංවත්සරයට සමගාමීවයි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදා ධජය, ගුවන් හමුදා විද්‍යාපීඨ ධඡය, මූලික කඳවුරු ධජ, ගුවන් හමුදා කඳවුරු ධජ හා සියලුම පක්ෂාංගවලට අයත් ධජවලට ආශිර්වාද ගැන්වීම සිදු කෙරිණ. පුණ්‍යොත්සවය පැවැත්වුණේ, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ මෙහෙයවීමෙන්. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ඇතුළු ගුවන් හමුදාවේ උස්ස නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්විය.

    Last modified on සිකුරාදා, 06 මාර්තු 2020 11:37

    Latest News