දුම්රිය සේවක ගැටළු විසඳීමට රජයේ අවධානය

මාර් 06, 2020

    දුම්රිය ප්‍රමාදය හා එම ක්ෂේත්‍රයේ සේවක හා අනෙකුත් ගැටළු රැසක් විසඳීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

    ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ දුම්රිය වෘත්තීය සමිති අතර ඊයේ පැවති සාකච්ජාවක දී අවධානය යොමු කෙරිණ. අදට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කළේ, අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් පසුවයි.

    සාකච්ජාව පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය නිල නිවසේදී. දුම්රිය ස්ථානාධිපති, එන්ජින් රියදුරු, නියාමක හා පාලක යන ක්ෂේත්‍ර 4ටම අයත් වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ජාවට එක්ව සිටියේය. පසුගිය පාලන සමයේ තම ගැටලු කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් දින 12ක වැඩවර්ජනයක නිරතවීමට සිදුවූ බව ද නියෝජිතයන් පෙන්වා දුන්නේය. සේවක හා අනෙකුත් ගැටලු පිළිබඳව පුළුල් අවධානයක් යොමු කළ අග්‍රාමාත්‍යවරයා නිසි ක්‍රමවේදයක් තුළ එම ගැටලු විසඳීමට එකඟතාව පළ කළේය. දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවීමට තීරණය කළේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

    Last modified on සිකුරාදා, 06 මාර්තු 2020 08:29

    Latest News