හෙට පැය 18ක ජල කප්පාදුවක්

දෙසැ 14, 2018

    මොරගස්මුල්ල, රාජගිරිය අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම පැය 18ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

    ඒ අනූව සෙනසුරාදා (15) මධ්‍යම රාත්‍රී 12.00 සිට පසු දින (16) 6.00 දක්වා කාලය තුල පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙයි. මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරණායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියළු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවෙයි.

    මෙම කාල සීමාව තුල ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි. 

    Last modified on සිකුරාදා, 14 දෙසැම්බර් 2018 17:29

    Latest News