වසර 40ක සේවයෙන් විශ්‍රාම යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය

දෙසැ 14, 2018

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද සිය සේවයෙන් විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කළේය.

    අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අසුන් ගත්තේය.

    අධිකරණය රැස්වූ අවස්ථාවේදී විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නිවේදනය කර සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලයේ නිමවා අදදින විශ්‍රාම ලබන බවයි. මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවද විනිසුරු අලුවිහාරේ මහතා සඳහන් කළේය. ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් මහතා විනිසුරු වනසුන්දර මහත්මිය වෙත සිය ප්‍රණාමය පුදකරන අතර   වසර 40ක  සේවා කාලය තුළ ඉටු කළ මෙහෙවර පිළිබඳව ඇගයීමට ලක්කරන බවද  කියා සිටියේය. වනසුන්දර විනිසුරුවරියට සුවදායි  විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. සෙසු  නීතිඥවරුන් ද විනිසුරු වනසුන්දර විනිසුරුවරිය වෙත සිය සුභපැතුම් පළකර සිටියේය.
    Last modified on සිකුරාදා, 14 දෙසැම්බර් 2018 12:00

    Latest News