අදත් වැසි රහිත කාලගුණයක්

මාර් 01, 2020

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    කෙසේ වෙතත්, සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    හම්බන්තොට, මොණරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යාහැක.

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 08:51

    Latest News