ඇල්ලේදි වෑන්රථය ප්‍රපාතකට - 9 ක් රෝහලේ

දෙසැ 14, 2018

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසලදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මීටර් 200ක ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 09 දෙනෙක් තුවාල ලබා ඇත.

    ඊයේ(13) රාත්‍රී 08.25ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. 

    තුවාලකරුවන් බදුල්ල සහ දියතලාව රෝහල් වෙත යොමු කර තිබේ. එසේම බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර රෝහල වෙත යොමු කර ඇත. වැලමඩ හා අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචි ඔවුන් පාසල් දෙකක අපොස උසස් පෙළ සිසුන් පිරිසක් වේ. කතරගම වන්දනාවේ ගොස් නිවෙස් බලා යමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබේ. ඇල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

    Last modified on සිකුරාදා, 14 දෙසැම්බර් 2018 10:17

    Latest News