කිලෝ 320ක ගංජා කිලිනොච්චියෙන් අල්ලයි

පෙබ 29, 2020

    කිලිනොච්චි,ජයපුරම්,වලේපාඩු ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 320ක් ටිපර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ අද අළුයම 4.00ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්. 46 හැවිරිදි සැකකරු බණ්ඩාරිකුලම්,වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ජයපුරම් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 11:32

    Latest News