රාජගිරියෙන් කිලෝ 3ක හෙරොයින්;දෙදෙනෙක්ට මාංචු

පෙබ 29, 2020

    රාජගිරිය,කොස්වත්ත ප්‍රදේශයේ දී හෙරොයින් 3kg 267g හා රු.40120ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    රාජගිරිය,කොස්වත්ත, නෙලුම් පෙදෙසට හැරෙන හංදිය අසළ දී හෙරොයින් කිලෝ ග්‍රැම් 2යි ග්‍රෑම් 257ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී හෙරොයින් ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 40120ක්ද පොලීසිය භාරයට ගැනිණ.

    සැකකරුගෙන් සිදුකළ විමර්ශනයේ දී නෙලුම් පෙදෙස,කලපලුවාව ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂාවට ලක්කර හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 10ක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිණ.

    සැකකරුවන් වයස අවුරුදු 35ක් වූ බොරැල්ල, රාජගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. ඔවුන් අද දින (29) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 11:34

    Latest News