ගම්මන්පිලගේ මුල්‍ය වංචා නඩුව විභාගයට දිනයක්

දෙසැ 13, 2018

    ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන විස්සක් වටිනා සමාගම් කොටස් විකුණා එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ පාර්ලිමෙන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නඩුව අප්‍රේල් 02 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කරයි.

    මෙම නඩුව අද කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුණ. එහිදී විනිසුරුවරයා නියම කළේ එම නඩුව අප්‍රේල් දෙවන දා සිට විභාගයට ගන්නා බවයි. එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා අධිකරණය විසින් අවවාද කරනු ලැබුවේය.

    ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන විස්සක් පමණ වටිනා සමාගම් කොටස් විකුණා එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 දෙසැම්බර් 2018 12:43

    Latest News