ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ ආරක්ෂාව

දෙසැ 13, 2018

    ගැසට් පත්‍රයකින් පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ගොනුකළ පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාව යොදවා තිබේ. 

    පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය සහ කැරලි මර්ධන ඒකකය 300කට ආසන්න පිරිසක් ආරක්ෂාවට යෙදවා තිබේ. අප වාර්තාකරු පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුලත ප්‍රදේශයට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් ද යොදවා අැති බවයි.

    Latest News