කෙරවලපිටිය, LNG විදුලිබලාගාරය මේ වසරේ අරඹනවා..ඇමති මහින්ද

පෙබ 24, 2020

    කෙරවලපිටිය ද්‍රවිකෘත වායු විදුලිබලාගාරය මේ වසරේ දී ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඒ යටතේ මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ඇති. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, හම්බන්තොට මැදමුලක, රළුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    "කෙරවලපිටිය විදුලිබලාගාරය ඉදි කිරීම මගින් අපේ රටේ ජනතාවට කිසිඳු කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට අපි හැකි වෙනවා. ඒ විතරක් නොවෙයි දැනට සිදු කෙරෙන අධික මිල ගණන් යටතේ හදිසි විදුලි මිලදී ගැනීම් පවා නතර කර ගැනීම මගින් දැනට පාඩු ලබන විදුලි බල මණ්ඩලය ලාභ ලබන තත්වයට පත්කර ගන්නට අපිට හැකි වෙනවා. ඒ වගේම මහජනතාවට අඩු මුදලට විදුලිය ලබා දීම මගින් ඔවුන්ගේ විදුලි බිල්පතක් අඩු කිරීමට අපිට හැකිවෙනවා.."

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 11:32

    Latest News