කෙරවළපිටිය, සංයුක්ත බලාගාර ටෙන්ඩර් ප්‍රදාන නිවේනදයක්

පෙබ 15, 2019

    මෙගවොට් 300කින් සමන්විත කෙරවළපිටිය, සංයුක්ත චක්‍රීය ද්විත්ව ඉන්ධන ස්වාභාවික වායු බලාගාර ටෙන්ඩර් ප්‍රදානයේ දී කිසිදු වංචාකාරී ක්‍රියාවක් සිදුව නොමැති බව, විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    මෙම ටෙන්ඩර් ප්‍රදානය වැඩි මිලකට චීන සමාගමකට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රචාරයන් අසත්‍ය බවයි, විදුලිබල අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම වසරේදී ඉදිකිරීමට යෝජිතව තිබූ මෙම විදුලිබලාගාරය ටෙන්ඩර් ප්‍රදානයන් මේ වනතෙක් සිදු නොකිරීම තුළින් සංකීර්ණ තත්වයක් ඇතිවී තිබේ.

    විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් ඉතාමත් සාධාරණ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර ඇති බවත්, විදුලිබල අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එක් බලාගාරයක් දේශීය සමාගමක් වන ලක්දනවි ආයතනයට පිරිනමා ඇත. එය ජනන සැලැස්මට අනුව 2021 වසරේ ඉදිකිරීමට යෝජිත මෙගවොට් 300ක ස්වභාවික වායු බලාගාරයක් වේ.

    මේ සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක්.

    power 2019 02 151

    powerffff

    Latest News