ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය, සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපූර්ණ මහා ශිව රාත්‍රී දිනයක් වේවා යැයි මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

හින්දු බැතිමතුන් සිදු කරන උපවාසයේ බලයෙන් සමස්ත ලෝකයටම යහපතක් වේවා’යි යන පැතුමෙන් අරුත්බර මහා ශිව රාත්‍රී සැමරුමකට සුභාශිංසනය කරන බව කථානායකතුමා සඳහන් කරයි.

අපි සියලු දෙනා, ජාතින් අතර මිතුදම් ශක්තිමත් වන ගුණදම් පිරි යුගයක් ප්‍රාර්ථනා කරමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරමින් සඳහන් කරයි.

මහා ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද දිනයේ දල්වන පහනෙන් සියලුදෙනාගේ ආධ්‍යාත්මය ආලෝකමත් වේවා යන්නයි.

Latest News