මෙරට බහුදින ධීවර යාත්‍රා 4ක් බංගලාදේශ අත්අඩංගුවට

පෙබ 20, 2020

    මෙරට බහුදින ධීවර යාත්‍රා 4ක් බංගලාදේශ මුහුදු සීමාවේ දී එරට නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.

    එහි සිටි ශ්‍රී ලාංකික ධීවරයන් සංඛ්‍යාව 27 දෙනෙක්. මෙම ධීවරයින් පිරිස මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් ඇත්තේ ඉකුත් 4 වැනි දිනයි. ඒ අම්බලන්ගොඩ,බේරුවල,ත්‍රිකුණාමලය යන ධීවර වරායවලින්. එක් ධීවර යාත්‍රාවක් බංගලාදේශ මුහුදු සීමාවේ දී ක්‍රියා විරහිත වී ඇති බවයි වාර්තා වන්නේ. අනෙක් යාත්‍රා 3 එහි උදව්වට පැමිණ තිබේ. ශ්‍රී ලාංකික ධීවර පිරිස බංගලාදේශ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, එම අවස්ථාවේ දී. මේ පිළිබඳ සොයා බලා තම සහෝදර පිරිස නිදහස් කර දෙන ලෙස ධීවර පවුල්වල සාමාජිකයන් රජයෙන් ඉල්ලා සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 15:55

    Latest News