පුනාගල කඳු රක්ෂිතයේ ගින්න නිවා දැමේ

පෙබ 20, 2020

    වැල්ලවාය, අයිස්පීල්ල පුනාගල කදු රක්ෂිතයේ ඊයේ (19) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබිණ.

    ගින්න පැය කිහිපයක් තුල රක්ෂිතය පුරා ව්‍යාප්ත අතර රක්ෂිතයේ අක්කර විසිපහකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

    මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ දැනුම් දීමකින් පසු කුඹුක්කන එකසිය විසිඑක් වන බලසේනා මූලාස්ථානයේ යුද හමුදා සෙබළුන්,වැල්ලවාය වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ රාත්‍රි වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළේය.

    ගින්න නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ වනසතුන් රැසක්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 07:42

    Latest News