ශවේන්ද්‍ර සිල්වාගේ සංචාරක තහනමට දැඩි විරෝධය (වීඩියෝ)

පෙබ 15, 2020
  • ආරක්‍ෂක කාර්ය මණ්ඩල වැඩබලන ප්‍රධානී හා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාව පනවා ඇති සංචාරක තහනමට දැඩි විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා රජය පවසයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ජනාධිපතිවරයෙකු විසින් විශේෂඥ දැනුමක් සහතික පුද්ගලයෙකු ආරක්‍ෂක ක්‍ෂේත්‍රයකට පත් කිරීම පිලිබඳව විදෙස් රාජ්‍යයක් ප්‍රශ්න කිරීම බලාපොරොත්තු කඩවන සිද්ධියක් බවයි.

    ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ ඉකුත් රාජ්‍ය නායකයා විසින් බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි. ඒ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය පදනම් කර ගනිමින්. මානව හිමිකම් කඩ කළ බවට නිශ්චිත හෝ ඔප්පු කරන ලද චෝදනා ඔහුට නොමැති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා රජය, ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්‍ෂක කාර්ය මණ්ඩල වැඩබලන ප්‍රධානියා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පත් කරනු ලැබුවේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මතයි. යුද හමුදාපතිවරයාට එරෙහිව මාස 6ක සංචාරක සීමා පැනවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කර සිටී.

    තොරතුරු මූලාශ්‍රවල විශ්වසනීයත්වය සත්‍ය-අසත්‍ය භාවය සොයා බලන ලෙස ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම, මෙම තීරණය යළි සමාලෝචනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    Last modified on සෙනසුරාදා, 15 පෙබරවාරි 2020 20:33

    Latest News