රත්‍රං සමඟ පුද්ගලයින් 2ක් නාවික හමුදා භාරයට

පෙබ 15, 2020

    මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

    ඊයේ නාවික හමුදා යාත්‍රාව මගින්, අණනොතකා යාත්‍රා කළ ඩිංගි යාත්‍රාව පසුපස හබා ගොස් එහි සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා බාරයට ගන්නා ලදි. එහිදි සිදු කළ සොද්සි මෙහෙයුමේදී මෙම රත්‍රං සහිත පාර්සලය සොයා ගන්නා ලදි. රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 35 ක වටිනාකම රුපියල් කෝටි 10 කට ආසන්න වේ. සැකකරුවන් 27 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය. ඔවුන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

    Latest News