රාජපක්‍ෂවරුන්ට රටට දීය නොහැකි දේ ගැන රත්නප්‍රියගෙ අනාවරණයක් (විඩියෝ)

අගෝ 12, 2019
  • සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

    එහිදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා...

    “අපිට සරළ ප්‍රශ්නයක් තියෙනවා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට හිරකාරයෝ 27ක් මැරුවා කියලා චෝදනාවක් තියෙනවා. 27ක් මැරුවානේ. කවුරු හරි කියනවානම් මැරුවේ නැහැ කියලා. හිරකාරයෝ මරපු කෙනා ඇල්ලුවේ නැහැ කියලා එක ප්‍රශ්නයක්. මැරුවයි කියන එක තව එකක්. මරපු මිනිහද හොඳ මරපු එක අල්ලන්න බැරි එකද සාපේක්‍ෂව හොඳ. අල්ලන්න බැරි එකේ යම් දුර්වලකමක් තියෙනවා. මරපු මිනිහා ගැන මොනවද කියන්නේ. ප්‍රගීත් එක්නැලිගොඩ මැරුවනේ මුහුදේ ගිල්වලා. ලසන්ත වික්‍රමතුංග මැරුවා. මාධ්‍යවේදීන්ගේ ජිවිත තමයි මැරුවේ මහපාරේ. ඒක අල්ලන්න බැරිවුණා හරියට පරක්කුයි. පරක්කු වෙච්ච මිනිහද අපි වැඩිපුර චෝදනාවට ලක්කළ යුත්තේ, මරපු ඝාතකයාගේද.

    ඝාතකයින් අපි චෝදනාවට ලක්කරන්නේ. එහෙම චෝදනා තියෙන කෙනෙක් ඉදිරිපත් නොකිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඉදිරිපත් කළේ පොදුජන එක්සත් පෙරමුණ. එහි වර්තමාන නායකයා ඊයේ පත්වෙච්ච. ඔහු හිතන්න ඇති මල්ලියි මමයි එකතු වෙලා මේ රට කරන එක තමයි ඉස්සරහට හොඳ කියලා. අපි නම් හිතන්නේ එහෙම රටක් නොවෙයි අපිට ඕනේ. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය යම් ප්‍රමාණයකට තහවුරු කරන්න පුලුවන් රටක්. රාජ්‍යයක්. එහෙම එකක් දෙන්න රාජපක්‍ෂවරුන්ට හැකියාවක් නැහැ. “ යැයි සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 20:28

    Latest News