වතු හාම්පුතුන් සාකච්ජාවලින් ඉවතට

දෙසැ 11, 2018

    වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබඳව වතු වෘත්තිය සමිති සමඟ සිදු කළ සාකච්ජාවලින් ඉවත් වන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිලිබඳ අදහස් පළ කෙරිණ. මෙහිදි අදහස් දැක්වූ ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක -

    “මේ අවස්ථාවේ අශෝභන දෙයක් වෙලා තියෙනවා. අපිට මරණ තර්ජන එල්ල වෙලා තියෙනවා. ඒ හින්දා අපි දැන් තීරණය කළා මේ වගේ වාතාවරණයක් යටතේ කතා කරන්න බැහැ කියලා. අදින් පස්සේ නීත්‍යානුකූල පදනමක් යටතේ තමයි කතා කිරිමට සූදානම් වන්නේ. ඒ අනුව ඔවුන් තුළින්ම ඊට පදනමක් ඇතිවෙන්න අවශ්‍යයි “ යැයි ඔහු පැවසීය.

    රුපියල් දහසක දෛනික මූලික වැටුපක් ඉල්ලා වතු කම්කරුවෝ අදත් විවිධ ස්ථානවලදී උද්ඝෝෂණවල නිරතවූහ. වතු කම්කරුවන් ආරම්භ කර වැඩ වර්ජනයට අදට දින 8ක් ගතවී තිබේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News