රොසැල්ල රක්ෂිතයේ ගින්නක්

පෙබ 10, 2020

    රොසැල්ල,බිංඔය,වටවල,ඉන්චාරා,වේවැල්තලාව යන මහවැලි ගඟ දෙපස පිහිටි රක්ෂිත,වන වගා සහ කැලෑ බිම් ආශ්‍රිතව හටගත් ගින්නකින් අක්කර 150ක් පමණ විනාශ වී තිබේ.

    ගින්න ඊයේ හටගත් බවයි අප වාර්තාකරු පවසන්නේ. පොල්පිටිය යුදහමුදා කඳවුරේ නිලධාරීන් හැටන් වන සංරක්ෂණ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළේය. ඇතැම් පිරිස් වන සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් වනාන්තරවලට ගිනි තැබීම සිදු කරයි. පවතින වියළි කාලගුණයෙන් ගින්න පැතිර යාමට තවත් හේතුවක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 09:21

    Latest News