“කොරෝනා“ මියගිය ජනතාවට පිං අනුමෝදම් කිරීම අභයාරාමයේදී

පෙබ 06, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය ජනතාව වෙනුවෙන් පිං අනුමෝදම් කිරීමේ පුණ්‍යෝත්සවයක් ඊයේ නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.

    බෝධි පූජා පිංකම පැවැත්වුණේ, විහාරාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙන්ග් ෂූ ඈන් මහතා ද මීට එක්වූහ. වෛරසය හේතුවෙන් රෝගී වූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම ද පිංකමේ අරමුණක් විය. සැදැහැවතුන් සහ මෙරට වෙසෙන චීන ජාතිකයින් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

    Pinkam px 900 06 02 20

    Latest News