"සුරැකුමට පරිසරය" තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය ලබන 16වැනිදා සිදු කිරීමට නියමිත බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

බන්ධනාගාරගත වන රැඳවියන්ගේ ශ්‍රමය රටේ සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීමේ අරමුණින් පොල් සහ පළතුරු පැළ වගා කිරිමේ “ සිපිරි හරිත දනව්ව” කාලීන විශේෂ රුක්රෝපණ ව්‍යාපෘතිය බන්ධනාගාර තුළ දීපව්‍යාප්තව ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු සුදානම් කරමින් පවතී.

අප්‍රේල් 16 දා නැකතට පැළයක් රෝපණය කිරීමේ වැඩ සටහන සාර්ථක කර ගැනීමට සියලු ලක්වැසි ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රටේ වනගහනය 2030 දී සියයට 30 දක්වා ඉහළ නැංවීමට හුස්ම දෙන තුරු නමින් පැළ මිලියන 02ක් ඉදිරි වසර හතර තුළ රෝපණය කිරීම ආරම්භ කරයි.

ජාතික රුක් රෝපණ සතිය අද (02) අනුරාධපුර රුවන්වැලි සෑය අභියස දී ආරම්භ කෙරෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

නිදහස් සමරු උළෙල නිමිත්තෙන් රුක්රෝපණ වැඩසටහනක් ද අද සිට ක්‍රියාත්මකයි.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට ඇතුලත් පැළ සිටුවීමේ නැකත එක් කර තිබිණි.

Latest News