මුදලිවත්ත සිට බැලුම්ගලට කේබල් කාර් පද්ධතියක්

පෙබ 03, 2020

    සංචාරක කලාපයක් ලෙස කඩුගන්නාව,මුදලිවත්ත සහ බැලුම්ගල යන ප්‍රදේශ සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    මේ වසරේ එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනූව, මුදලිවත්ත සිට බැලුම්ගල දක්වා කේබල් කාර් පද්ධතියක් ද ආරම්භ කෙරෙනු ඇති.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා මේ පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක්විය. කේබල් කාර් පද්ධතිය ආරම්භ කිරීම සඳහා මේ වන විටත් ආයේජකයෙකු ඉදිරිපත් වී ඇති බවයි, ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ. අධිරාජ්‍යවාදීන් කන්ද උඩරට ආක්‍රමණය කරන විට සෙංකඩගල රාජධානිය ආරක්ෂා කර ගැනීමේ ප්‍රධාන මුර කපොල්ලක් ලෙස බැලුම්ගල හඳුන්වනු ලැබීය.

    ආක්‍රමණිකයන් නිරීක්ෂණය හා සැඟව සිට සතුරන්ට ප්‍රහාර එල්ල කිරීමට මෙම ස්ථානය උපයෝගී කර ගන්නට ඇති බව ඉතිහාසයේ සඳහන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කඩුගන්නාව නගර සභාව එක්ව එම ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබේ. මෙම ස්ථානය සංචාරක කේන්ද්‍රීය ස්ථානයක් බවට පත් කර බවයි, ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 12:00

    Latest News