පොදුජන සන්ධානය දැවැන්ත ජයග්‍රහණයක් කරා ගෙනයනවා; ශාන්ත බණ්ඩාර

ජන 31, 2020

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවක් අද කොළඹ දී පැවැත්විණ.

    ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා....

    “එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වෙනවා දැවැන්ත දේශපාලන සංවිධානයක් කියලා හදාගෙන ඉදිරි මැතිවරණවලට එන්න. නමුත්, ඔය කණ්ඩායම තමයි පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජයට පත් කළේ. මේ ගොඩනැඟෙන සන්ධානය දෙකට, තුනට කැඩිලා, එක්සත් ජාතික පක්ෂයේ මතවාදීව විවිධ කණ්ඩායම් බෙදිලා, මෙහෙම බෙදිලා නැතුව එකට ඔක්කොම ඉන්න වෙලාවේ පරාජයට පත් කරපු අපි ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ඒ ජාතික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න මේ රටේ සමස්ත ජනතාවත් එක්ක අත්වැල් බැඳගෙන අපි හදන ඒ පොදුජන සන්ධානය දැවැන්ත ජයග්‍රහණයක් කරා ගෙනයනවා කියන එක එක්සත් ජාතික පක්‍ෂයට අපි මතක් කරලා දෙන්න කැමතියි“ යැයි ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    Latest News