පෙබරවාරි මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 22 පමණ මිල අඩු කිරීමේ සැලැස්මක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇතැයි, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව ලබන පෙබරවාරි 05 වැනි දින සිට 07 වැනි දින දක්වා නැවත රැස්වීමට කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් (24) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.

Latest News