හුබෙයි සිට මෙරටට පැමිණීමෙන් වළකින්නැයි දැනුම් දීමක්...

ජන 30, 2020

    නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හුබෙයි පළාතේ චීන සමාගම් සේවකයින්ට උපදෙස් දී තිබේ.

    වෙනත් පළාත්වලින් හා නගරවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට අවම වශයෙන් දින 14ක නිරෝධායන කාල සීමාවක් ගත කරන ලෙස දැනුම් දී ඇති බවයි, චීන තානාපති කාර්යාලය පවසන්නේ.

    පවතින තත්වය හේතුවෙන් චීන බළධාරීන් සියලු කණ්ඩායම් චාරිකා අත්හිටුවා තිබේ. වූහාන් නගරය වෙත පිටවීම සහ ඇතුළු වීම තාවකාලිකව නවතා තිබෙන බවයි, තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එහි වෙසෙන ජනතාවට ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල් කරා යාමට ඉඩක් හිමි නොවන අතර, රෝගී යැයි සැකසහිත පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීමට චීන බලධාරීන් සියලුම ගුවන්තොටුපොළ හා ප්‍රවාහන මධ්‍යස්ථානවල දැඩි නිරීක්ෂණ පියවර ගෙන තිබේ. එම කරුණු සැලකිල්ලට ගැනීමේ දී චීන අලුත් අවුරුදු උළෙලෙන් පසු චීන ජාතිකයන් පැමිණීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ට බියවීමට හේතුවක් නොමැති බවයි, චීන තානාපති කාර්යාල පෙන්වා දෙන්නේ. එම කාර්යාලය පවසන්නේ වසංගතය පාලනය කිරීමේ හා ඊට එරෙහි සටන ජය ගැනීමේ හැකියාව තමන් සතු බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 15:28

    Latest News