කොරෝනා වෛරසය ගැන සංචාරක ක්ෂේත්‍රයත් දැනුවත් කෙරේ

ජන 30, 2020

    කොරෝනා වෛරසය පිළිබඳව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

    ඒ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් හිමියන් සහ සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ පානදුරදී පැවැත්විණ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දැනුවත් කිරීමේ වැඩසටහන මෙහෙයවීය. මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරුණේ රෝගය පැතිරයාම වැළැක්වීමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳවයි.

    උද්ගතව ඇති තත්වය නිසා විදේශිකයන්ට සිදුවන අපහසුතා වැළැක්වීම පිළිබඳව ද සාකච්ජා කෙරිණ. මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරුණේ හෝටල් භූමි පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 10:16

    Latest News